‘ආබාධිතයන්ගේ අයිතිවාසිකම් ලක් රජය පිළිගන්නවා‘


ආබාධ සහිත පුද්ගලයන්ට සමාන මට්ටමින් සැලකීමත් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීමත් ඔවුන්ට ඕනෑම තැනකට ප්‍රවේශවීමට පහසුකම් සලසාදීමත් ඕනෑම රටක, ආයතනයක වගකීම බව ප්‍රකාශ කැරෙන මෙන්ම ඔවුන්ට රැකියා අවස්ථා ලබාදීමේදී යම් ප්‍රතිශතයක් ලබාදිය යුතු බවට වන කාරණා ඇතුළත් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය රජයක් ලෙස ශ්‍රී ලංකාව බාරගෙන තිබෙන බව සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.

ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය අනුමත කිරීම පිළිබඳ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවට අද (9) සිය අමාත්‍යංශයේදී එක්වෙමින් ඇමැතිවරයා එසේ කීවේය.

SB_2016393