‘ආපදාවලට මුහුණ දෙන්න හමුදාව ශක්තිමක් කරනවා‘ - ජනපති


නේපාලයේ සහන කටයුතු වල නිරත වූ සහන කණ්ඩායම් ඇගයීමේ සහ ඔවුන්ට උපහර පිදීමේ උත්සවයක් අද (18) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ජනපති එහිදී පැවසුවේ රට අභ්‍යන්තරයේ හෝ ලෝකයේ කිනම් ස්ථානයක හෝ වේවා කුමක් හෝ හදිසි අපාදාවක් ඇතිවුවහොත් ඊට තව තවත් ශක්තිමත් ලෙස මුහුණ දෙමින් විපතට පත් ජනයා බේරාගත හැකි වන අයුරින් ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කරන බවයි.

ත්‍රිවිධ හමුදාව නේපාලයේ ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුම ගැන මුළු ලෝකයම කථා කරන නිසා අපට ඒ ගැන   ආඩම්බර විය හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

‘සිය රටට සහ ජනතාවට උදව් උපකාර කිරීම ගැන නේපාල රජය අපට ස්තූති කර තිබෙනවා. මෙම මානූෂීය මෙහෙයුම අප ක්‍රියාත්මක කළේ අපට හැකි පමණින් වන අතර අපට විශාල ගුවන් හමුදාවක් සහ ගුවන යානා නොතිබු නමුත් එක් පියවරකින් විශාල වෙනසක් කරමින් ඉදියර යන්න අපට හැකි වුණා.‘ යැයි ද  අගමැති පැවසීය.

‘ඇත්ත වශයෙන්ම ගෙවුණු අවුරුදු කිහිපය ඇතුළතදී අපේ  හමුදාවේ අනාගතය ගැන ප්‍රශ්න ගණනාවක් අප සියලූ දෙනාගේම සිත්වල තිබුණා. එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූණාට පසු ඒ ප්‍රශ්න සියල්ල විසදී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ගැන පමණක් නොව ජාත්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් ද අපට වගකීමක් තිබෙනවා.  ‘

 ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ද, ත්‍රිවිධ හමුදාපතිවරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

DSC_26-96 DSC_2512 DSC_2519 DSC_2544 DSC_2605 DSC_2636 DSC_2671 DSC_2694 DSC_2695 DSC_2724 DSC_2743