මෑත කාලීනව පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම වශයෙන් වාර්තාවූ මැතිවරණය ලෙස මෙම ජනාධිපතිවරණය පෙන්වාදිය හැකි යැයි කැෆේ සංවිධානය පවසයි.
ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වී ගණන් කිරීම ආරම්භවූ අවස්ථාවේ සිට මේ දක්වා කාලය තුළ සිද්ධි තුනක් වාර්තාවූ නමුත් බරපතල සිද්ධීන් කිසිවක් වාර්තා නොවී යැයි කැෆේ විධායක අධ්‍යක්ෂ රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.
පුත්තලමේ දී ඡන්දපොළ නියෝජිතයකු ලෙස කටයුතු කළ පුද්ගලයකුට පහරදීම පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාගේ වාහනයට පහරදීම සහ කඩවතදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් පුද්ගලයකුට පහර දීම එම සිද්ධීන් තුන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

