ඇවන්ගාඩ් අධිපති විශ්‍රාමික මේජර් නිශ්ශංඛ සේනාධිපතිගෙන් තමන් මුදල් ඉල්ලා සිටියේයැයි ද, එම මුදල් නොදුන් නිසා ඇවන්ගාඩ් සමාගමට චෝදනා කරන්නේයැයි ද එල්ල කර ඇති චෝදනාවල සත්‍ය අසත්‍යතාවය විමර්ශනය කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක සහ අර්ජුන රණතුංග ඇමැතිවරු පොලිස්පතිගෙන් ලිඛිතව ඉල්ලීමක් කළහ.
ගිනි අවි ආඥා පනත හෝ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනතෙහි සඳහන් ආකෘතියට අදාළ අවි ආයුධ බලපත්‍රයක් ඇවන්ගාඩ් සමාගම සතුව නොතිබීම ඇතුළු හේතු හතක් තමන් එම සමාගමට එරෙහි වූ බව ද ඇමැතිවරුන් කළ පැමිණිල්ලේ සඳහන් ය.
නයිජීරියාව ඇතුළු රටවල් සමග ශ්‍රී ලංකා රජය එළඹිය යුතු ගිවිසුම්වලට ඇවන්ගාඩ් සමාගම ඇතුළු වී ඇති බව ද, එම සමාගමට පමණක් මුහුදු ආරක්ෂක කටයුතුවල ඒකාධිකාරය ලබා දීම මගින් ශ්‍රී ලංකා ආණ්ඩුවට ලැබිය යුතු මුදල් අහිමි කර ඇති බව ද, අති විශාල ස්වයංක්‍රීය අවි තොගයක් පෞද්ගලික සමාගමක නීති විරෝධීව පැවැතීම මගින් රාජ්‍ය ආරක්ෂාවට හා කලාපීය ආරක්ෂාවට අනතුරක් සිදුවන බව ද ඇමැතිවරුන් පොලිසියට දැනුම් දී තිබේ.

