ජනාධිපතිවරයා ජනවරම ලබා ගැනීමේදී ලබාදීපු පොරොන්දු සහ ආණ්ඩුවේ නිල ස්ථාවරය මේ වනවිට පරස්පර විරෝධී ලෙස පවතින්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක මොහමඞ් මුසම්මිල් මහතා ප‍්‍රකාශ කළේය.
පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ජනමතවිචාරණයකින් පමණක් වෙනස් කළ හැකි වගන්තිවලට අත නොතබන බවට සහතික වී බලයට පැමිණි ජනාධිපතිවරයකු ධුරය දරන විට ඔහුගේ ආණ්ඩුවේ පාර්ශ්වයක් වන පාර්ලිමේන්තුවේ සභානායක ධුරය, විදේශ අමාත්‍ය ධුරය දරන එජාප මන්ත‍්‍රීවරුන් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ජනමත විචාරණයකින් සම්මතකර ගන්නා බවට පවසමින් සිටින බව ද මුසම්මිල් මහතා කීය.
ඔහු මේ අදහස් පළ කළේ ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී අද (12) පැවැති මාධ්‍ය හමුවකදීය.

