‘ආණ්ඩුවේ දින 100 ඉවරයි : දැන් තියෙන්නේ අපේ දින 100‘


පසුගිය ජනපතිවරණයට පෙර 2014 නොවැම්බර් 21 වැනි දින මාධ්‍ය හමුවක් පවත්වමින් ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා (දැන් ජනපති) තමා ජයග්‍රහණය කළහොත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කරන බවට කළැයි කියන ප්‍රකාශය අල්ලස් දීමක් බව කියමින් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල අද (13) පස්වරු 3ට අල්ලස් කොමිසමට පැමිණිල්ලක් බාර දුන්නේය.

1981 අංක 15 දරණ ජනාධිපතිවරණ පනත අනුව ජනාධිපතිවරණයේදී තමන්ගේ ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා තනතුරු පොරොන්දු වීම, තනතුරු ලබාදීම මෙන්ම තනතුරු බාර ගැනීම ද අල්ලස් වරදක්වේ. ඒ අනුව ජනාධිපති සිරිසේන මහතා ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා කටයුතු කිරීම වෙනුවෙන් තනතුරක් පොරොන්දු වීම සහ ලබාදීම යන වැරදි ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තනතුරක් භාර ගැනීම යන වරදද සිදු කර ඇතැයි පැමිණිල්ලේ දැක්වේ.

‘ආණ්ඩුවේ දින 100 ඉවරයි. දැන් තියෙන්නේ අපේ දින 100. මෙතැන් පටන් සතිපතා අපි අල්ලස් කොමිසමට ඇවිත් දින 100ත් ඊට පෙරත් සිදුවුණු දූෂණ ගැන පැමිණිලි කරනවා‘ යැයි ගම්මන්පිල එහිදී පැවසීය.

6efe2fcbc187d0604faaa04444d1b04cf66ed5c2ef92a246e3e789d88c1ce2cd 25caa0a58254153b03ac683ce4f579eead0957d98eaeab0700efe4b0b6e0f6fe 689be92819841f7af40c78cedcbe147ace9b7b3a5b8884e932248f9741fabf95 eb707c17f1711fad5e0d17906a0a4677070bbc7c4c16787dbd46781590e87575

 

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක