‘ආණ්ඩුව හොරු සමග යහන්ගත වෙනවා‘


‘මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කළා. එහි වංචාවක් සිදුවී තිබේද යන්න සොයා බැලුවා. ඒ සම්බන්ධ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කෝප් කමිටුව තීරණයක් ගෙන තිබෙනවා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද (23) පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘අගමැති අපේක්ෂා පහක් ගැන කිව්වා ඡන්දයට කලින්. ඒවා ඉටුවුණාද කියලා අහනවා. ළඟදීම අයවැයක් එනවා. අයවැය එන්න කලින් ඊට පිටින් කටයුතු කර තිබෙනවා. සංශෝධන රැසක් කරලා. අයවැයක් ඉදිරිපත් නොකර 2010 වසරේ රට පාලනය කළා අපට මතකයි. මේ අයවැයක් ඉදිරිපත් කරලා ඊට පිටින් කටයුතු කළ පළමු අවස්ථාව‘ යැයි ද මන්ත්‍රීවරයා කීවේය.

‘මේ ආණ්ඩුව හොරු සමග යහන්ගත වෙමින් ඉන්නවා. ජනතාවට පොරොන්දු වූයේ මොකක්ද ? මේ ප්‍රකාශ අනුව පැහැදිලියි දූෂිතයින්ට කිසිවක් වෙන්නේ නෑ කියලා‘ යනුවෙන් ද ඔහු පැවසීය.

web_1023DSC02468