වත්මන් ආණ්ඩුව පෙරහරක් වගේ ගමන් කරන බවත් පෙරහරේ නිලමේ ඇතුළු කසකාරයා දක්වා සියලු දෙනා අපහසුවෙන් ගමන් කරන බවත් හිටපු ඇමැති මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (15) දඹුල්ලේ පැවති රැස්වීමකදී පැවසිය.
මෙහිදී තමන් නිහඩව සිටි කාරණයද ජනතාවට මතක් කළ මන්ත්‍රීවරයා වසර ගණනාවක් පරණ නඩුවකට තමන්ව දින 56ක් රිමාන්ඩ් කර තැබූ බවත් තමන් වගේ සාධාරණ අයකුට මේ කළ දෙයට පටිසන් දුන්නේ නැතිනම් මේක ලෝකයක් නොවන බව ද කිවේය.
අද වනවිට රට බෙදීමකට ලක්ව තිබෙන බවත් මින් ඉදිරියටත් මියයන තුරු සටන් කරන බව මන්ත්‍රීවරයා පැවසිය .


