දිවි පරදුවට තබා රට නිදහස් කරගත් රණවිරුවන් ත‍්‍රස්තවාදීන් ලෙස සලකමින් තම දේශපාලන අරමුණු ඉටුකරගැනීමට ආණ්ඩුව ගන්නා උත්සාහය නයාට ගසා පොල්ල වරද්දා ගැනීමක් බව පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ දී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
දේශපාලනය වෙනුවෙන් රණවිරුවන් දඩයම් කිරීම සම්බන්ධයෙන් රජයට ජනතාවගෙන් කිසිදු සමාවක් නොලැබෙනු ඇතැයි කී මන්ත‍්‍රීවරයා එය මේ ආණ්ඩුවේ අවසානයට හේතුව වනු ඇතැයි ද සඳහන් කළේය.
අයවැය ගැන ඡෙන්දය විමසීමට පෙර මුදල් ඇමතිවරයා කළ අවසන් කතාවේදීත් එයට සංශෝධනය එක් කළ නිසා අයවැය පිළිබඳ යළිත් විවාද කර එය සම්මත කරගත යුතු බව ද ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.




