‘ආණ්ඩුව තිබෙනකම් කොමිසමත් තිබේවි‘ - ගෝඨාභය කියයි


රක්නා ලංකා ආරක්ෂක සමාගමේ ගනුදෙනු සම්බන්ධයෙන් අද පරීක්ෂණය අවසානයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මාධ්‍යවේදීන් සමග පැවසූයේ මේ රජය නියමිත අවුරුදු පහ තිබුණොත් මේ කොමිසමත් අවුරුදු පහක්ම පවතිනු ඇති බවයි.

සිකුරාදාත් (4) ඔහු කොමිසමට පැමිණීමට නියමිතය.

ප්‍රශ්නය - ඔබ කියන්නේ රජය අවුරුදු 5කට කලින් බලයෙන් පහවන බවද?

උත්තරය - එය තීරණය කළ යුත්තේ ජනතාවයි.