‘ආණ්ඩුව අල්ලස් පරීක්ෂණය යට ගහනවා‘


ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා රන්න නගරයේ පැවැති ජන හමුවකදී වංචා දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිට එරෙහි අල්ලස් චෝදනාව ගැන නිසි පරීක්ෂණයක් නොකළ බව කීවේය.

‘‘අල්ලස් හෝ වංචා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිට එරෙහිව බරපතල චෝදනාවක් ඉදිරිපත් කළා. කාරයක් ගැන කියවුණා. අපේ රටේ නායකයන් ශිෂ්ට සම්පන්න නම් ඒ සභාපති තාවකාලිකව ඉවත් කර පරික්ෂණයක් කරන්න තිබුණා. එහෙම කළේ නෑ. එහි තේරුම අල්ලස දූෂණය නැති කිරීමට හැබෑ ඕනෑ කමක් නැති බවයි‘‘