‘අහසේ මුහුදේ දස්කම් පාලා : උවටැන් සේවෙන් පින් රැස් කරලා‘


ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා රජයේ රෝහල් වල කනිෂ්ඨ කාර්ය මණ්ඩල පවත්වාගෙන යන වැඩ වර්ජනය හේතුවෙන් පුත්තලම මූලික රෝහලේ අද (27) වැඩකටයුතු අඩාල නොවීමට නාවික හා ගුවන් හමුදා සෙබළුන් යොදා ගැනීමට රෝහල් පාලන අධිකාරිය කටයුතු කර තිබුණි.

කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ තම වැටුපට රුපියල් 3000ක දීමානාවක් එක් කරන ලෙසත්, තවත් ඉල්ලීම් ගණනක් මුල් කරමින් වැඩ වර්ජනය ආරම්භ කර තිබූ අතර,  පුත්තලම මූලික රෝහලේ 160ට ආසන්න කනිෂ්ඨ කාර්ය  (27) වන දින සේවයට නොපැමිණ වැඩ වර්ජනය පැවැත්වීම හේතුවෙන් ඔවුන් අතින් සිදුවන සියළුම කටයුතු නාවික හා ගුවන් හමුදා සෙබළුන් මගින් සිදු වන ආකාරය දැකගත හැකි විය.

DSC07671 DSC07674 DSC07677 DSC07682 DSC07683 DSC07689 DSC07782 DSC07790 DSC07802 DSC07810