(නාලක සංජීව දහනායක)
අස්ථාවර පාර්ලිමේන්තුවක් තවදුරටත් පවත්වාගෙන යෑමේ කිසිඳු ප‍්‍රයෝජනයක් නැති බැවින් ස්ථාවර පාර්ලිමේන්තුවක් බිහිකර ගැනීම සඳහා වහාම මහා මැතිවරණයක් පැවැත්විය යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (26) පැවසීය.
වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව අගමැතිවරයාට හෝ එක්සත් ජාතික පක්‍ෂයට පාර්ලිමේන්තු බහුතරය නැතැයි ද ඔහු කීය.
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙසේද පැවසීය.
‘අපේ රටේ ඇති ඇතිවී තිබෙන ආකරයේ අර්බුදයක් ලෝකයේ කිසිම රටක පාර්ලිමේන්තුවක සිදුවෙලා නැහැ. පාර්ලිමේන්තුවතුළදි කතානායකවරයා ආණ්ඩු පක්‍ෂයට හිමි කිසිම වරප‍්‍රසාදයක් දෙන්නේ නැහැ. අපිටත් මෙම කතානායකවරයා පිළිබඳව කිසිම විශ්වාසයක් නැහැ. ආණ්ඩු පක්‍ෂයට වරප‍්‍රසාද ලබානොදී කතානායකවරයා දිගින් දිගටම මේ ආකාරයට කටයුතු කරනවානම් පාර්ලිමේන්තු රැස්වීම් වලට සහබාගිවීමෙන් කිසිම තේරුමක් නැහැ. ඒ නිසා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වෙනවාද නැද්ද කියන කාරණය සම්බන්දයෙන් අපි ඉතාම ගැඹුරින් සළකා බලනවා.
මෙය කිසිසේතම සැහැල්ලූ තීරණයක් නෙවෙයි. රජයේ කටයුතු කතානයකවරයා විසින් පැහැරගෙන තිබෙනවා. පාර්ලිමේන්තු තේරීම් කාරකසභා පත්කිරීමේදී ඒ තත්ත්වය ඉතාම හොඳින් පෙන්න තිබුණා. පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය අනුව බහුතරය තිබුණත්, සුලූතරය තිබුණත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ බලය ආණ්ඩු පක්‍ෂයට දිය යුතුයි.
පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රය සැකසීම ඇතුලූ වැදගත් ක‍්‍රියාවන් සියල්ලම සිදු කරන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සබාව හරහායි.
ඒ නිසා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ බලය නැතුව ආණ්ඩු පක්‍ෂයට පාර්ලිමේන්තුවේ කටයුතු කරන එක හරිම අසීරුයි.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේදී අද (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.