පරණ ඇසිඩ් බැරල් වලට පොල් තෙල් හා ෆාම් තෙල් පුරවා සිංහල අවුරුදු සමයේ වෙළෙඳ පොළට යැවීමට නියමිතව තිබියදී තෙල් ලීටර 10000ක් පමණ දඹුල්ල පොලිසිය හා මහ නගර සභාව එක්ව සිදුකළ වැටලීමකදී සොයාගන ඇත .දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ ගබඩාවක පිටුපස මේවා රදවා තබියදී සොයාගෙන ඇත .
මෙම බැරල් වල ආහාර හෝ ආහාර යට ගන්නා කිසිදු දෙයක් නොදමන ලෙස ඇති උපදෙස් තීන්ත ගා මකා ඇති බවද පොලීසිය පවසයි.
පොලීසිය හා නගර සභා මහජන සෞඛ්‍ය නිලධාරින් මෙම තෙල් පරික්ෂා කිරීමේදී එම බැරල් වල අඩංගුව තිබු ඇසිඩ් වර්ග මෙන්ම කැට ගැසුණු තීන්ත වර්ග තෙල්වලට මිශ්‍ර වී තිබෙන අයුරු දැකගැනීමට හැකිවිය .
දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් අපරධ අංශයේ ස්ථානාධිපති ගයාන් සමරකෝන් යන මහත්වරු මෙන්ම දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ද වැටලීමට එක්වී සිටියහ .
මෙම තෙල් තොගය අධිකරණයට ඉදිරිපත්කොට රස පරීක්ෂක වාර්තාවක් ලබාගෙන සැකකරුවන්ට විරුද්ධව නඩු පවරන බව කියයි .






