‘අවි දුන්නොත් සල්ලි තමයි‘


ලබන 25 සිට මැයි 6 දක්වා අනවසර ගිනි අවි රජයට බාර දී ඒ සඳහා මුදල් ද ලබාදීමේ අවස්ථාවක් රජය ප්‍රථම වරට ප්‍රකාශ කරයි.

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසනුයේ ප්‍රශ්න නොවිමසා බාරදෙන ගිනි අවිවලට මුදල් ද ගෙවන බවයි.

බාර නොදෙන ගිනි අවි හිමියන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන බවද ඔහු කීවේය.

‘ගිනි අවි ආඥා පනතේ 30 වැනි වගන්තියේ විධිවිධාන අනුව අති ඇතිවිශේෂ ගැසට් නිවේදනය මගින් අනවසර ගිනි අවි රජයට භාරදීමට අපි පොදු සමා කාලයක් දී තිබෙනවා. ළගම තිබෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පොලිස් ස්ථාන වෙත අනවසර ගිනි අවි භාර දෙන ලෙස ඉල්ලනවා. ගිනි අවි භාර දෙන පුද්ගලයන් සඳහා පතරොම් තුවක්කුවක් හෝ හා සමාන ගිනි අවියක් ගල් කටස් බඳින තුවක්කු සදහා රුපියල් 5000 ක් ද පිස්තෝලයක්/ රිවෝල්වරයක් සදහා රුපියල් 10000ක් ද. ටී 56 ගිනි අවියක් සඳහා රුපියල් 25000 ක් ද ලබා දෙනවා.‘ යැයි ද ඔහු පැවසීය.

defence_2016420