‘අවලාදෙන් මහින්ද මඩින්න බෑ‘


මෛත්‍රී පාලනය  මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට අවලාද නගන බවත් අවලාද ප්‍රමාණයේ තරමට ඔහු  නැගී සිටිනු ඇති බවත්  ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා මහනුවරදී ප්‍රකාශ කළේය.

ජාතියේ ජයග්‍රහණය වැඩි කල් යන්නට පෙර  පෙන්වන බවද  මහජනයා අතර  මහින්ද රාජපක්ෂට ඇති  හිතවත් කම හා ආදරය නැති කිරීම සඳහා ඔහු   හිරේ දැමීමට හෝ  ප්‍රජා අයිතිය නැති කිරීමට ඉඩ ඇතැයිද  එහෙත් චම්පික රණවක,අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු යහ පාලන ගොයියන් ගහන ගහන තරමට  ඔහුගේ ශක්තිය හා බලය  තව තවත් වැඩි වනු ඇතැයිද  වීරවංශ මහතා කීවේය.ඔහුට යෝධ ශක්තිය යෝධ වීරිය ලැබේවා. මේ රටට සේවය කිරීමට  ඔහුට චිරාත් කාලයක් ජීවත් වීමට හැකි වේවා.

‘මහින්ද රාජපක්ෂට රත්තරං අශ්වයින් සිටි බව කීවා. ෂි ෂෙල්ස්වල මන්දිර තිබෙන බව කීවා,රට පුරා මාලිගා හදා ඇතැයි කීවා,තව තව අවලාද නැඟුවා.යහපාලන ගොයියනේ දැන් ඉතින් ඒවා පෙන්නපල්ලා.ඔප්පු තිරප්පු පෙන්නපල්ලා. යාපනේ  ජනාධිපති මාලිගාවක්  හැදු බව කියනවා .එය ජනසතු කරන බව  මෛත්‍රීපාල ජනාධිපති කියනවා. උතුර ජනාධිපති මන්ධිරයක් සැදීම වැරදිද?. එය හදා ඇත්තේ රටට එන විදේශ අමුත්තන්ට බව තේරුම් ගන්නට බැරිද‘

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ කීවේය.

අගමැති රනිල් වික්‍රමසිංහටයි ,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටයි ආණ්ඩු බලය තිබුණට පාර්ලිමේන්තුවේ වැඩි බලය ඇත්තේ අපේ පැත්තටයි. මන්ත්‍රිවරුන් 132 දෙනකුගේ බලය අපටයි.අපේ වෑයම යුඑන්පීයට පන්දම් නොඅල්ලන  සන්ධාන මන්ත්‍රීන් එක් පැත්තකට ගැනීමයි.  කන්ද උඩරට සන්ධාන මන්ත්‍රීවරුන්ටත් අපි ඒ පණිවිඩය දෙනවා. යුන්පීයට පන්දම් අල්ලන  පිරිසක්  සිටිය හැකියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එදා අත ලකුණ අහිමි වු‍ණොත්  අපේ කරත්ත රෝද ලාංඡනය දෙන්නයි හිටියේ.එදා සිටම  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතාව එක්සත් කිරීම මිස එය කඩා බිද දැමීම් අපේ ඉතිහාසයේ නැහැ. වර්තමානයෙත් නෑ.අනාගතයෙත් නෑ. මේ රැස්වීමට නොයන ලෙස  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින් තහනමක් දැම්මා.රනිල් වික්‍රමසිංහ නුගේගොඩ අපේ රැස්වීම දැක  ඇති වු වෙවිලිල්ලෙන් පසුව  මාධ්‍යවේදීන්ට බැන්නා.මේ රැස්වීමට පැමිණි සෙනඟ ඒ දෙන්නාටම කනේ පහරක් ගැහුවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමඟ අපි ඉදිරියටම යනවා.‘

පස්වරු හයයි තිහට පමණ රැස්වීම අවසන් විය.

SnapShot(243) SnapShot(251) SnapShot(257)

      ඡායාරූප - චමිල් රූපසිංහ