‘අවංක විනිසුරුට පලා බෙදලා‘


ශිරාණි බණ්ඩාරනායක හිටපු අග විනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක දුන් තීන්දුව ඉවත දැමූ  අභියාචනාධිකරණයේ අවංක හා සෘජු විනිසුරුවරයකුට දිගින් දිගටම උසස්වීම් නොදෙතියි නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා පැවසීය.

කොළඹ අලුත්කඩේ නීතීඥ සංගම් නව දේශ ශාලාව විවෘත කරමින් ඔහු කීවේ අනිල් ගුණරත්න නම් මෙම විනිසුරුගේ උසස්වීම් දී නැති බවයි.

අඩු තරමේ අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය ආරක්ෂා කරන අවංක විනිසුරුවරුන්ට සලකන්නේ මෙලෙසදැයි ඔහු ප්‍රශ්න කළේය.

මේ නඩුවේ දී ශ්‍රී ස්කන්ධරාජා විනිසුරුතුමා ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභා තීරණය ඉවත දැමූ බවත්, ඔහු කලකිරුණු පුද්ගලයකු ලෙස මිය ගිය බවත් ජයසූරිය මහතා කීවේය.

නව දේශන ශාලාව එච් ඩබ්ලිව් ජයවර්ධන මහතා නමින් නම් කැරිණි.