‘අලුතින් ක්‍රීඩා ගුරුවරු 5000ක්‘


ක‍්‍රීඩා ගුරුවරුන්ගේ හිඟයට විසඳුමක් ලෙස ක‍්‍රීඩා ගුරුවරු 5,000 ක් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලයට විශේෂ කැබිනට් පත‍්‍රිකාවක් යොමු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ක‍්‍රීඩා ගුරුවරුන්ගේ ගැටලූව විසදීම සඳහා ගුරු ව්‍යවස්ථාව පවා වෙනස්කර බඳවා ගැනීම් කිරීමට ඉඩ ඇතැයි අමාත්‍යවරයා කීවේය.

‘ක‍්‍රීඩාව දියුණු කිරීමට නම් මේ වැඩපිළිවෙළට ප‍්‍රමුඛත්ව ලබාදිය යුතුයි. එහිදී ක‍්‍රීඩාවේ නියැළුණු අයට ප‍්‍රමුඛත්වය දෙන්න බලාපොරොත්තු වෙනවා’  යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

මේ අතර ක‍්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් ක‍්‍රීඩා පාසල් 98 ක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි ද කී ඇමැතිවරයා අධ්‍යාපන කලාප 98 කට ක‍්‍රීඩා පාසල බැගින් ලබාදීමට නියමිත බව පැවසීය.