‘අලුත් පක්ෂය අනාගත දේශපාලනයට බලපානවා‘


යහපාලන රජයට අභියෝගයක් කරන්නට හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකට කඩන්න මහින්ද රාජපක්ෂ මහතා නව පක්ෂයක් බිහි කර ඇති බවත් එයින් සිදුවන හානිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් නොව අනාගත දේශපාලනයට පවා බලපාන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතා ස්වයං රැකියා උපකරණ බෙදාදිම සදහා යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ අද (07)පැවැති උත්සවයකදී පැවසීය.

‘අද ලංකාවේ ඕනැම දේශපාලන පක්ෂයක් පිහිටුවන්නත් ඕනැම කෙනෙකුට දේශපාලනය කරන්නත් කතා කරන්නත් යෝජනා ඉදිරිපත් කරන්නත් වත්මන් ජනාධිපතිගේ හා අගමැතිගේ යහපාලන රජය යටතේ සම්පුර්ණ නිදහසක් හා අයිතියක් ලබා දිල  තියෙනවා.

මට ඉතිහාසය දිහා බලනකොට මතක් වෙනව මගේ පියාත් ලලිත් ඇතුලත්මුදලි මහතාත් ඒ කාලෙ අවශ්‍යතාවයක් උඩ රාජාලියා  පක්ෂය බිහි වුණේ. ඒ වකවානුවෙදි ප්‍රේමදාස මහත්තයා ඝාතනය වුණා, ලලිත් ඇතුලත් මුදලි මහත්තයා ඝාතනය වුණා. රාජාලියා පක්ෂය ලක්ෂ ගාණක් ගත්ත නමුත් මගේ පියා හා ඔහු එක්ක හිටපු හැමෝටම  ඩී.බී.විජේතුංග ඡනාධිපතිගෙ ආරධනාවෙන් අන්තිමට මහගෙදර වු එක්සත් ජාතික පක්ෂයට නැවත යන්න වුණා‘ යැයි ද දිසානායක මහතා සදහන් කළේය.

ගමේ ගොඩේ පක්ෂ බෙදිල ගහ මරාගන්නෙ නැතුව ජනාධිපතිත් අගමැතිත් එකතුව සමගිව පෙන්වා ඇති ආදර්ශය ගමේ සියලුම දෙනාත් ආදර්ශයට ගෙන රට දියුණුව කරා ගෙන යැම සදහා එකතු වන්නැයි ද මන්ත්‍රිවරයා රටේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව කීවේය.

web_maya web_maya2