‘අලුත් ජාන පිරික්සුමෙන් අපරාධකරු නිකම්ම කොටු‘


ස්ත්‍රී දූෂකයන් සහ ලිංගික අපචාර සිදු කරන්නන් ඉතා පහසුවෙන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පාදක වන (අවකල ඩී එන් ඒ ජාන නිස්සාරණය) ‘ඩිෆරන්ෂියල් ඩීඑන්ඒ එක්ස්ට්‍රෑක්ෂන්‘ ක්‍රමවේදය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ජින්ටෙක් ආයතනය සමත් වූ බව එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ අණුක වෝහාරක අංශ ප්‍රධානී ආචාර්ය රුවන් ඉල්ලේපෙරුම මහතා පවසයි.

 මෙය අපරාධකරුවන්ට ගැලවීයෑමට ඉඩ නොදී වින්දිතයන්ට නීතිය හමුවේ වාසිදායක වන ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන අති සාර්ථක ක්‍රමවේදයක් බව ද ඔහු කියයි.

වින්දිත කාන්තාවගේ ජෛව සෛල වලින් අපරාධකරුවන්ගේ ජෛව සෛල අති සාර්ථකව වෙන් කැර හඳුනා ගැනීමට මෙම තාක්ෂණ ක්‍රමවේදය ප්‍රබල පිටිවහලක් වන බවත් ආචාර්ය රුවන් ඉල්ලේපෙරුම සඳහන් කරයි.