බටහිර රටවල මුදල්වලින් යැපෙන අන්‍යාගමික මූලධර්ම වාදි පිරිසක් සත්ව සංවිධාන කිහිපයක් හදාගෙන අලියා නමැති පුජනීය සම්පත විනාශ කරන්නට යන බව අස්ගිරි පාර්ශවයේ මහනායක උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන් ප්‍රකාශ කළ බව හීලෑ අලි ඇතුන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති මාගල් කන්දේ සුදත්ත හිමියෝ කීහ.
‘‘රටේ බිලි පූජා තියනවා. හරකුන් මරනව. ඒවට පිළියමක් නොදී පංසලක හෝ කිසියම් කෙනකුගේ යම් ලියවිල්ලකට හෝ මෙම අලි ඇතුන් සදා ගැනිමේදි අලි ඇතුන් වඳවන්නේ කෙසේද‘‘ යන්න මහත් ගැටලුවක් බවත් සුදත්ත හිමියෝ කීහ.
හක්ක පටස්, අධි බලැති විදුලි රැහැන්, වෙඩි හා කෝච්චියට හැපීමෙන් මිය යන අලි ඇතුන් සම්බන්ධව පිළියමක් නොසොයා ගෘහස්ථව හා පංසල්වල හැදෙන වැඩෙන අලි ටික අත් අඩංගුවට ගෙන පෙරහර සංස්කෘතිය කඩාකප්පල් කරන්න විනාශ කරන්න හදනවනම් එය අන්‍යාගමික මුලධර්ම වාදින්ගේ ක‍්‍රියාවක් හැටියට දකින බව හීලෑ අලි ඇතුන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති හිමියෝ පවසති.
සියලු වැටලිම් නවත්වා ස්ථිර විසඳුමක් ලබාදෙන්නට අමාත්‍යවරයා එකඟතාවය පළ කළ බවත් ඒ අනුව සති අන්තයේදි කරන්නට සුදානම්ව සිටි උද්ඝෝෂණය නැවැත්තුවත් පොරොන්දුව කඩ කර නැවත වැටලිම් සිදුකළහොත් ලංකාවේ සියලු ප‍්‍රදේශවලින් අලි ඇතුන් 75 ක් 100 ක් කොළඹට ගෙනැවිත් ඇත්ගොව්වන් හා හාම්පුතුන් සමග ලොකු අරගලයකට යන්නට සුදානම් බවද සුදත්ත හිමියෝ කියති.

