‘අලින්ට ගැසූ මැරයෝ නිදැල්ලේ‘


වයඹ පළාත් සභාවේ විපක්ෂනායක ජේ සී අලවතුවල මහතා ඇතුළු පිරිසකගේ වාහන පෙළකට පහර දුන් බව කියන සන්ධාන ප්‍රාදේශීය සභාපතිවරයකු ඇතුළු පිරිසක් තවමත් අත්අඩංගුවට ගෙන නැතැයි වයඹ පළාත් සභා මන්ත්‍රී එච් එස් පෙරේරා මහතා කියයි.

එම පිරිස තමාගේ වාහන හතරකට සහ තම ආධාරකරුවන් පිරිසකට ද පොලිසිය බලා සිටිය දී පහර දුන් බව ඔහු පවසයි.

රුපියල් හැට ලක්ෂයක් වටිනා පවුම් 110ක් බරති තම රන්මාලයක් හා අත් පළඳනාවක් ද ඔවුන් කොල්ල කන ලදැයි පෙරේරා මහතා සඳහන් කරයි.