‘අලි හොල්ලන තීන්දුවක් ළඟ එනවා‘


ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැදගත් තීන්දු කිහිපයක් ගන්නා බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට ගෙන ඒම සම්බන්ධයෙන් පවතින ගැටලුවට එහිදී විසඳුම් ලැබෙනු ඇති බවත් එම පක්ෂයේ උපලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේදී පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා සන්ධාන අගමැති අපේක්ෂ කළ යුතු බවට පවත්වන මීළඟ ජනරැලිය රත්නපුරයේදී රැස්වීමට පෙර මෙම තීරණ ගන්නා බවද උප ලේකම් කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වනු ඇති බවට එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ ඇති ප්‍රාර්ථනය කිසි දිනෙක ඉෂ්ට නොවන බව කී අමරවීර මහතා ශ්‍රීලනිපය ගන්නා තීන්දු තීරණවලින් පසු එම පක්ෂ දෙක හදිසි මැතිවරණයක් කියනු ඇතැයිද ප්‍රකාශ කළේය.