‘අලි හොරුන්ට බලපත් දෙන්න එපා‘


ව්‍යාජ බලපත්‍ර සාදාගෙන සිටින අලි හිමියන්ට වනජීවී දෙපාර්තුමේන්තුව භාරයට ගත් අලි නැවත භාර නොදෙන ලෙස ඉල්ලා සංචාරක හා ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය  වසන්ත සේනානායක මහතාට ලිපියකින් දැන්වු බව සමස්ථ ලංකා හීලෑ අලි සංසදයේ සභාපති හා හීලෑ අලි සංගමයේ සමස්ථ ලංකා සංවිධායක රාජා සේනානායක මහතා පවසයි.

වනජීවී භාරයට ගන්නා අලින් රඳවා තබන්නට පින්නවලටවත් වනජීවී දෙපාර්තුමේන්තුවටවත් ඉඩ  පහසුකම් නොමැති බව කියමින් අසත්‍ය ප්‍රකාශ පතුරවන බවත් රාජා සේනානායක මහතා සඳහන් කරයි.

අධිකරණ නියෝගයන් මත පින්නවල අලි අනාථාගාරයට භාර දුන් අලි භාරදෙන අවස්ථාවට වඩා හොඳ යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බවත් අලි පැටවුන් බාරගෙන නඩතුත් කිරීමේ හැකියාව තමන් සතුව ඇති බවත් ජාතික සත්වෝද්‍යාන  දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුරුද්ධ සිල්වා මහතා කීවේය.

අලින් රැක බලා ගැනිමට අවශ්‍ය සේවකයින් හා වෛද්‍යවරු වනජීවී දෙපාර්තමේන්තුව සතුව ඇති බවත්  අලි පැටවුන් රඳවා ගැනිමේ අවහිරතාවයක් නොමැති බවත් වනජීවි දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ජී.රත්නායක මහතා පැවසිය.

CIMG4027 CIMG4030 CIMG4051