කැසිනෝ පනතට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ බවත් එයට බදු සහන ලබාදිම සදහා ආණ්ඩුව 24 25 දෙදිනෙහි පර්ලිමෙන්තු විවාදයක් පවත්වමින් ඡන්ද විමසීමකට යෑමට සුදානම් වුවත් එක්සත් ජාතික පක්ෂය එයට එරෙහිව පාර්ලිමෙන්තුවේත් ඉන් පිටතත් මහජනතාව සමග හඩ නෑඟීමට සුදානම්ව සිටි බව පාර්ලිමෙන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා එසෑණට පෑවසීය.
තාවකාලිකව අකුලාගත් කෑසිනෝ විවාදයත් පනතත් පාර්ලිමෙන්තුවට ගෙනෙන ඔනෑම මොහොතක එක්සත් ජාතික පක්ෂයේ සෑවොම එකාමෙන්ම පනතට විරුද්ධව හඩ නගන බවද ඔහු කීවේය.
නායකත්ව මණ්ඩලය පිලිබඳව සජිත් ප්‍රේමදාස මහතා මෙසේ කීය.
‘ ගරුතර සංඝරත්නය ගෙනා යෝජනාවකට එකඟව මමත් කරු ජයසුරිය මහතාත් රනිල් වික්‍රමසිංහ මහතා සමග ඒ පිලිබඳව සාකච්ඡා කරමිනුයි ඉන්නේ. හෑමදේම සුහදව විසඳෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. නායකත්ව මණ්ඩලයේ සාමාජිකයින් ගණන දැන්ම කියන්න බැහැ.
තවම සාකච්ඡා මට්ටමින් පවතින නිසා. මම ඔබෙන් ඉල්ලිමක් කරනවා මම කියන දෙවල් වෙනස් කරන්න එපා කියලා. මොකද මාධ්‍යවේදින් තමන්ගේ ලිපියේ වටිනාකම වැඩිකරගන්න පොඩිපොඩි වෙනස් කම් කරනවා. ඒකෙන් පක්ෂයේ අපි අතර අනවශය ප්‍රශ්න ඇති වෙනවා.