දෙව්රම් වෙහෙරේ දී මිය ගිය ‘සීදේව්‘ අලියා ලියාපදිංචි සතකු හෙයින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විය යුත්තේ අලියාගේ හිමිකරු බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච් ඩී රත්නායක මහතා කියයි.
ඒ අනුව හිටපු මන්ත්‍රී කොළොන්නාවේ සුමංගල දෙව්රම් විහාරාධිපති හිමියන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා ක්‍රියා කරනු ඇතැයි ද වනජීවී ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් අධීක්ෂණ කටයුතු සඳහා එහි යවන බව ද රත්නායක මහතා පවසයි.
අලියකු මළ පසු පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම අනිවාර්ය කාරණයකි.
නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පවසන්නේ 2009 අංක 22 දරණ සංශෝධිත වන සත්ත්ව හා තුරුලතා ආඥා පනතේ 22(අ) වගන්තියට අනුව අලියකු මියගිය විට ඒ බව වනජීවී දෙපාර්තාමේන්තුවට දන්වා අනිවාර්යයෙන් ම පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. හිමිකරුගේ හිතුමතයට මරණ පරීක්ෂණ පැවැත්වීම ගැන තීරණය කළ නොහැකි බව ද ගුණවර්ධන මහතා කීවේය.

