‘අලි පැටවා උඩුවේ හිමි නමට ලියාපදිංචි කර නෑ‘


පොල්හේන්ගොඩ උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ පන්සලේ සිටියදී වනජීවී භාරයට ගැනුණු අලි පැටවා ඒ හිමියන්ගේ නමට හෝ ඇලන් මැතිනියාරාමයේ නමට ලියාපදිංචි කර නැතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චන්දන සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළ බව රහස් පොලිසිය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිෂාන්ත පීරිස් මහතාට දැන්වීය.

රහස් පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ එම අලි පැටවා පන්සලට ගෙන ආවේ කෙසේදැයි තවදුරටත් පරීක්ෂණ කරගෙන යන බවයි. එම අලි පැටවා දැනට පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින බවද රහස් පොලිසිය අධිකරණය දැනුම් දුන්නේය.

නඩු විභාගය ජනවාරි 14 වැනිදාට කල් තැබිණි.