එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයට කාලාන්තරයක් තිස්සේ බාධාවක්ව සිරිකොත මන්දිරයේ තිබු ලොකුම කොඩිවිනය වූ හිටපු මහා ලේකම් තිස්ස අත්තනායක මහතා පක්ෂය හැර යමින් ආණ්ඩුවට එක්වීම එජාපයට කළ ලොකුම උපකාරය බව ලන්ඩනයේ එජාප මහා බ්‍රිතාන්‍ය ශාඛා සභාපති දිනේෂ් කපුකොටුව මහතා පවසයි. මහා බ්‍රිතාන්‍ය ශාඛාවේ සාමාජික හමුවකදී ඔහු එසේ කීවේය.
ජනවාරියේ පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදී මහා බ්‍රිතාන්‍ය ශාඛාවේ සාමාජිකයින්ගේ කාර්ය භාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රැස්වීම කැඳවා තිබිණි. තිස්ස අත්තනායක පක්ෂයේ උන්නතියට හා ජයග්‍රහණය ට කටයුතු කරනවාට වඩා පක්ෂයේ හානියට හා විනාශයට හේතුවන ආකාරයෙන් කටයුතු කළ බවත් ඔහුගේ නික්ම යෑම " කියලවත් කර ගන්න බැරි වැඩක්" බවත් ඔහු කීවේය. මුදලට නොගිය බව ඔහු කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව නිකරුණේ සල්ලි කන්දරාවක් යට කැර ඇතැයිද ඔහු කීය.
කිසිම ඡන්ද පදනමක් නැති අත්තනායක මහතා අඩුම තරමින් ප්‍රාදේශීය සභාවක් වත් ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නැති බවත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගොස් ගිරවෙකු වගේ ඔහේ කියව කියවා සිටියා පමණක් බවත් කපුකොටුව මහතා පැවසිය.
ඔහු ආණ්ඩුවට එක් වනවිට බස්නාහිර පළාත් සභාවේ වැඩිම මනාපයෙන් පිදුම් ලබපු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පොදු විපක්ෂයට එක්වූ බව පැවසු කපුකොටුව මහතා එජාප මහා බ්‍රිතාන්‍ය ශාඛාවේ සාමාජිකයිට තිස්ස අත්තනායක මහතා ඔහුගේ පුද්ගලික හිත මිතුරු කම් උඩ හා පෞද්ගලික ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ අටියෙන් එජාප මහා බ්‍රිතාන්‍ය ශාඛාව දෙකඩ කිරීමට කටයුතු කළ බවත් කීවේය.
(ඡායාරුපය: පසුගියදා එංගලන්තයට පැමිණි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය පවුම් 5000ක (රුපියල්- 1045000) චෙක් පතක් පිරිනැමේ. වමේ සිට: සාගල රත්නායක, එජාප නායක රනිල් වික්‍රමසිංහ, එජාප මහා බ්‍රිතාන්‍ය ශාඛා සභාපති දිනේෂ් කපුකොටුව, පක්ෂ ආරම්භක සාමාජික හා ලේකම් අසාහිම් මොහොමඩ් )


