දිනපතා කොටි තුනක් පමණ ඉපැයූ මුදල් අහිමි වීම නිසා ඇවන්ගාඩ් පිරිස් මරලාතෝනි දෙමින් පත්තර කන්තෝරු වලට යන්නේ යැයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා කියයි.
තමා ඇවන්ගාඩ් වෙතින් අල්ලස් ගත් බව සමහරුන් ප්‍රචාරය කරන බවත්, පාඨලී චම්පික රණවක සහ අර්ජුන රණතුංග ඇමැතිවරුන් සමඟ තමා පොලිස්පතිට පැමිණිල්ලක් කළ බවත්, අල්ලස් දුන්නේ හා ගත්තේ කවුදැයි ළඟදීම එම පරීක්ෂණයෙන් පසුව හෙළි වනු ඇති බවත් සේනාරත්න මහතා පවසයි.

