මෙරට වගාකළ හැකි එහෙත් පිටරටින් ගෙන්වන ආහාර භෝග සඳහා වසරකට රුපියල් කෝටි හයදහසක මුදලක් වැයකරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) කොළඹදී පැවසීය.
මේ නිසා දේශීය ආහාර නිශ්පාදනය සඳහා දැඩි අවධානය යොමුකර ඇති බව පැවසූ ජනපතිවරයා මෙරට වගාකළ හැකි ආහාර වර්ග පිටරටින් ගෙන්වාගෙන කෑම ගැන අප කණගාටුවට හා ලැජ්ජාවට පත්විය යුතුයැයිද කීවේය.
ජනපතිවරයා මේ අදහස් පළකළේ රාජගිරියේ මහබැංකු අධ්‍යන මධ්‍යස්ථානයේ අද පස්වරුවේ පැවති ශ්‍රීලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ 30 වැනි වාර්ෂික සමුළුව අමතමිනි.
‘දේශීය කර්මාන්ත පිළිඹඳ අපේ ප්‍රතිපත්තිය මීට වඩා වෙනස් විය යුතුයි.ආනයනය අපනයන පරතරය අඩු කිරීමට විදේශ වෙළදපොළ සඳහා අපි ශක්තිමක් විය යුතුයි පුළුල් විය යුතුයි.අන්තර්ජාතික වෙළදපළේ අපට හිමිව ඇත්තේ සියයට එකකටත් වඩා අඩු ස්ථානයක්.‘ යැයි ජනපතිවරයා කීය.






