‘අර්ජුන් මහේන්ද්‍රන් වැරදිකරු : පාඩුව රුපියල් කෝටි 1500යි‘


ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේ දී රජයට විශාල පාඩුවක් සිදුවී තිබෙන අතර ඊට ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සෘජුවම වගකිව යුතු යැයි කෝප් කමිටු විමර්ශනයේ දී තහවුරු වූ බව එම කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී කීවේය.

2015 පෙබරවාරි මාසයේ සිට 2016 මැයි මාසය දක්වා කාලයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද භණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලදී රජයට විශාල පාඩුවක් සිදුව තිබෙන බව ද කෝප් කමිටුව සකස් කළ වර්තාවේ සඳහන් වන බව සුනිල් හදුන්නෙත්ති මහතා කීවේය.

එම නිසා මහ බැංකු බැඳුම්කර සිද්ධියට අසාළව ශ්‍රී ලංකා රජයට සිදුවී ඇති පාඩුව අය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බව ද කෝප් කමිටු වාර්තාවෙන් නිර්දේශ කර තිබෙන බව ද හදුන්නෙත්ති මහතා සඳහන් කළේය.

පර්පචුවල් සමාගමට එරෙහිව ද නීතිමය පියවර ගත යුතු යැයි කමිටුව නිර්දේශ කර ඇත.