‘අර්ජුන් මහේන්ද්‍රන් මූල්‍ය මණ්ඩලයේ උපදෙස් නොතකා විවෘත ලංසු තැබීමේ ක‍්‍රමය අනුගමනය කළා‘


ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති  අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මුල්‍ය මණඩලයේ උපදෙස් ලබා ගැනීමකින් තොරව මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කළ ඝෘජු ස්ථාන ක‍්‍රමය වෙනුවට වසර තිහකින් කල් පිරෙන පරිදි විවෘතව ලංසු තැබීමේ ක‍්‍රමය අනුගමනය කරන ලදැයි බැ`දුම්කර කොමිසම හමුවේ දෙවැනි දිනයටත් සාක්කි දෙමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය එල්.එච්.එස්. සමරතුංග මහතා අද (27) පැවසීය.


කොටස් හා සුරැකුම් නීතීය කඩකරන අයෙකු අපරාධමය වරදක් කළා සේ සළකා එම පණත අනුව වසර පහකට නොවැඩි සිර ද`ඩුවමක් හා රුපියල් මිලියන 10ක දඩයක් නියම කිරීමට හැකියාව ඇතැයි ආචාර්ය එල්.එච්.එස්. සමරතුංග මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් හෙළි කළේය.


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලූපිල්ලේ යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.


2015 පෙබරවාරී මස පළමුවැනිදාත් මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කොට ඇත.


එම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ දෙවැනි දිනයටත් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය එල්.එච්.එස්. සමරතුංග මහතා සාක්කි ලබා දුන්නේය.


කොමිසමේ කටයුතු වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා වැඩිදුරටත් මෙසේද කීය.
මේ අවස්ථාවේදී මෙම බැදුම්කර සිද්ධියට අදාළව ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළ වු වාර්තාවක් සාක්කිකරුට පෙන්වන ලදුව


ප‍්‍ර. ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළ වු මෙම වාර්තාව කෙරෙහි ඔබගේ අවධානය යොමු වුණාද?
පිළි. මම මේ ගැන දැනගත්තේ මාධ්‍ය මඟින්.


ප‍්‍ර. මෙම ප‍්‍රකාශය නිකුත් කර ඇත්තේ මුදල් අමාත්‍යංශයෙන් එම අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ඔබ මේ ගැන දන්නේ නැද්ද ?
පිළි. මාධ්‍යයෙන් දැනගන්නා තුරු මා ඒ ගැන දන්නේ නැහැ.


ප‍්‍ර. මුදල් අමාත්‍යංශයෙන් ලේකම්වරයා ලෙස ඔබ නොදැන මාධ්‍යයට මේ වගේ ප‍්‍රකාශ නිකුත් කළ හැකිද?
පිළි. ඔව්. මුදල් අමාත්‍යංශයේ කාර්යාලයෙන් විවිධ අන්දමේ මාධ්‍ය ප‍්‍රකාශ නිකුත් කරනවා. ඒ පිළිබ`දව මා දන්නේ නැහැ.


විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. මෙම මාධ්‍ය ප‍්‍රකාශය ඔබ අමාත්‍යංශයෙන් නිකුත් කළ බව ඔබ පිළිගන්නවාද?
පිළි. ඔව්.
මේ අවස්ථාවේදී 2014 වසරේ සිට 2015 වසර දක්වා විසර්ජන පණත් කෙටුම් පතෙහි යොජනා අංක 41 කෙරෙහි සාක්කිකරුගේ අවධානය යොමු කරයි.


ප‍්‍ර. මේ පණතේ රජය ණය ලබාගත යුතු ආකාරය ස`දහන් වෙනවා නේද?
පිළි. ඔව්.


ප‍්‍ර. ඊට පසු ගෙන එන සංශෝධනයක් මඟින් ලබාගත යුතු ණය ප‍්‍රමාණය වැඩිකරන බවද එම ණය භාන්ඩාගාර බැදුම්කර ආකාරයෙන් ලබාගත යුතු බවද ස`දහන් වෙනවා නේද?
පිළි. ඔව්. ණය භාන්ඩාගාර බැදුම්කර ආකාරයෙන් ලබාගත යුතු බවද ස`දහන් වෙනවා.


ප‍්‍ර. මෙම භාන්ඩාගාර බැදුම්කර පාලනයට බලපාන නීතීය කුමක්ද?
පිළි. ලියාපදිංචි කොටස් හා සුරැකුම් පණතයි. එය කෙටියෙන්


ප‍්‍ර. මෙම පණත හැර නීතී සුරැකුම් සම්බන්ධයෙන් වෙනත් පණත් බලපානවද?
පිළි. මා දන්නා තරමින් මෙම නීතීය පමණයි බලපාන්නේ.


ප‍්‍ර. මෙම නීතීය 1939 මුල් වරට ලංකාවට නිදහස ලැබීමට පෙරද ?
පිළි. ඔව්.
මේ අවස්ථාවේදී 1939 සිට 2004 දක්වා වරින් වර සංශෝධනය වී ඇති මෙම පණතේ වගන්ති කෙරෙහි සාක්කිකරුගේ අවධානය යොමු කරයි.


ප‍්‍ර. එහි ස`දහන් වන්නේ සුරැුකුම් පත් අලෙවි කිරීමේ ක‍්‍රමවේදය නේද?
පිළි. ඔව්.


ප‍්‍ර.මෙම පණතේ 4වැනි ෙඡ්දයේ පළමු වැනි උපවගන්තිය අනුව බැදුම්කර වෙන්දේසියකදී අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනය නිකුත් කළ යුතු බව හා එහි ඇතුළත් විය යුතු කරුණු ගැන ස`දහන් වෙනවා නේද?
පිළි.ඔව් ඊට අමතරව බැදුම්කර වෙන්දේසියක් සිදු කළ යුතු කාලසීමාවද ස`දහන් වෙනවා නේද?


ප‍්‍ර. ඔව් . නිවැරදියි.
මේ අවස්ථාවේදී ලියාපදිංචි කොටස් හා සුරැුකුම් පණත පිළිබ`දව සාක්කිකරුගේ අවධානය යොමු කරන ලදී.


ප‍්‍ර. කොටස් හා සුරැකුම් පණත කඩකරන අයෙකුට හිමිවන ද`ඩුවම කුමක්ද ?
පිළි. මුලික සාක්කි විභාගයකින් අනතුරුව ඔහු මෙම චෝදනාවට වරදකරු වුවහොත් ඔහු අපරාධමය වරදක් කළාසේ සළකා වසර 05කට නොවැඩි සිරද`ඩුවමක් හා මිලියන 10ක දඩයක් නියම කිරීමට හැකියාව තියෙනවා.


ප‍්‍ර. මේ පණත යටතේ මුදල් ඇමතිවරයාට හැකියාව තියෙනවා යම් යම් බලතල බාන්ඩාගාර ලේකම්වරයාට පැවරීමට හැකියාව තියෙනවාද?
පිළි. ඒ ගැන මට කියන්න හැකියාවක් නැහැ.


ප‍්‍ර. 2015 මාර්තු මාසයේදී බිලියන 13.55ක මුල්‍ය අවශ්‍යතාවයක් පිළිබ`දව ස`දහන් වෙනවාද?
පිලි. ඔව්


ප‍්‍ර. 2015 මාර්තු අවසානයේදී එම මුදල් අවශ්‍යතාවය ඊට වඩා වැඩි වුණාද?
පිළි. ඒ ගැන මගේ මතකයට එන්නේ නැහැ.


ප‍්‍ර. මෙම කොමිසම පත් කළ සිද්ධියට අදාළව 2015 පෙබරවාරී මස 26 වැනිදා මහාමාර්ග ඇමති, මුදල් ඇමති හා මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා සහ භාන්ඩාගාර ලේකම්වරයා පැවැත්වු රැුස්වීම පිළිබ`දව ඔබ දන්නවාද?
පිළි. මෙවැනි රැුස්වීම් නිහිපයක්ම පැවැත්තුවා. ඒ නිසා මේ රැුස්වීම පිළිබ`දව මාගේ මතකයට එන්නේ නැහැ.


ප‍්‍ර. රටේ ණය අවශ්‍යතාවය සපුරා ගැනීම පිළිබ`දව ඉතාම වැදගත් සාකච්ඡුාවක් වු මේ පිළිබ`දව ඔබ දන්නේ නැද්ද?
පිළි. අමාත්‍යවරුන් සමඟ දිනපතා සාකච්ඡුා ගණනාවක් පැවැත්වෙන නිසා මේ කියන රැුස්වීම පිළිබ`දව මාගේ මතකයට එන්නේ නැහැ.


ප‍්‍ර. සාමාන්‍යයෙන් මෙවැනි රැුස්වීමක් කැ`දවන්නේ නවුද?
පිළි. මුදල් අමාත්‍යවරයා.
මේ අවස්ථාවේදී 2015 මාර්තු මස 17 වැනිදා හැන්සාඞ් වාර්තාවේ අවසන් ෙඡ්දය පිළිබ`දව සාක්කිකරුගේ අවධානය යොමු කරයි.


ප‍්‍ර.  මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේදී කඩිනම් මුදල් අවශ්‍යතාවයක් ලෙස ස`දහන් කරමින් රුපියල් මිලියන 100ක් ලබාගෙන තියෙනවා නේද?
පිලි. ඔව්. ඒ බව මෙහි ස`දහන් කරලා තියෙනවා. කරපු වැඩ වලට ගෙවන්න මේ මුදල් ඉල්ලා තියෙනවා.


ප‍්‍ර. කඩිනම් ණයක් ලෙස රුපියල් බිලියන 15ක් ලබාගැනීම පිළිබ`දව මෙම ප‍්‍රකාශය කර තියෙන්නේ රටේ අග‍්‍රිමාත්‍යවරයා. ඒ පිළිබ`ද ඔබ දනුනවාද?
පිළි. මේ ගරන මා දන්නේ නැහැ.


ප‍්‍ර. මේ සම්බන්ධයෙන් වු සාක්ච්ඡුා වලට ඔබ සහභාගි වුණාද?
පිළි. මට ඒ ගැන මතකයක් නැහැ.


ප‍්‍ර. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2015 පෙබරවාරී 23 වැනිදා කාර්්‍ය සටහන් මුල්‍ය මණ්ඩලයේ සාකච්ඡුාවක් පැවැත්වුණාද?
පිළි. මට මතකයක් නැහැ.
විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා- මුදල් ලේකම්වරයා ලෙස මේ වගේ වැදගත් සිදවීම් පිළිබ`දව සටහන් තබාගත යුතුයි නේද?
පිළි. ඔව්.


ප‍්‍ර. 2015/02/23 වැනිදා පැවැති රැුස්වීමෙදී ආර්ථික පර්යේෂණ රැුස්වීමේදී ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂක ඇස්.ගුණරත්න මහතා වැදගත් ආර්ථික සිදුවීම් පිළිබ`දව ඉදිරිපත් කිරීමක් කළා නේද ?


පිළි. ඔව්. ඒක සාරාංශයක්.
ප‍්‍ර. එහිදී මෙම සිද්ධියට අදාළ බැදුම්කර වසර 30ක කාලයක් නිකුත් කිරීම් පිළිබ`දව ස`දහන් කළාද?
 
පිළි. ඔව්. අධ්‍යක්‍ෂක (ආර්ථික පර්යේෂණ) කාර්ය භාරය වන්නේ රටේ සාර්ව ආර්ථික කටයුතු, සුක්‍ෂම ආර්ථික කටයුතු, රටේ අයවැය තුළනය, පිළිබ`ද විශ්ලේෂ්ක්‍ෂණාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමටයි. මෙය රටේ ආර්ථිකය පිළිබඳව විශ්ලේශනයක්.
විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා- මෙම වසර 30ක බැදුම්කර නිකුතුව පිළිබ`දව කටයුතු කරන්නේ කුමන දෙපාර්තමෙන්තුවද?


පිළි. ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවයි.
ප‍්‍ර. 2015 මාර්තු මස 06 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ රැුස්වීමක් පැවැත්තුවේ එහිදී හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කියා සිටියාද මෙතෙක් භාන්ඩාගාර බැදුම්කර නිකුත් කළ ඝෘජු ස්ථාන ක‍්‍රමය වෙනුවට වසර 30ක කාලයක් ස`දහා බිලියන 20ක සහ බිලියන 10ක ............ බැදුම්කර විවෘත ලංසු තැබීමේ ක‍්‍රමය අනුගමනය කරන බව පැහැදිලි කළාද?
පිළි. ඔව්.


ප‍්‍ර 2015/03/06 වැනිදින තෙක් වසර 30ක කාලයක් සදහා මෙම ක‍්‍රමයට බැදුමකර නිකුත් කරන බව ඔබ දන්නවාද?
පිළි. ඔව්.
ප‍්‍ර. හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මෙම තීරණය ගත්තේ ශ්‍රී ලංකා මුල්‍ය මණ්ඩලයේ උපදෙස් ලබාගෙනද?


පිළි. නැහැ.
වැඩිදුර සාක්කි විභාගය පැවැත්වේ.
භාන්ඩාගාර බැ`දුම්කර නිකුත් කිරීම පිළිබ`දව සොයා බැලීම ස`දහා පත් කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ ලේකම්වරයා ලෙස සුමතිපාල උඩුගමසුරිය මහතා කටයුතු කරයි.


මෙම කොමිසමේ කටයුතු ස`දහා අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක  මහතා, ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නයෝමී වික‍්‍රමසේකර මහත්මිය, රජයේ නීතීඥ  ධනුෂන් කනේෂයෝගන් මහතා සමඟ  අතිරේක සොලිස්ටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා සාක්කි මෙහෙයවමින් කොමිසමේ කටයුතු ස`දහා සහය ලබා දෙයි.


පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් නීතීඥ නෙරංජන් අරූල්ප‍්‍රගාසම් මහතා සහ නීතීඥ රොමාලි තුඩාවේ මහත්මිය සමඟ ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා පෙනී සිටියේය.


භාන්ඩාගාර බැ`දුම්කර නිකුත් කිරීම ස`දහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සමරසිරි මහතා වෙනුවෙන් නීතීඥ ශනිල් පෙරේරා සහ නතාෂා නුර්දීන් මහත්මිය සමඟ නීතීඥ හර්ෂ  ප‍්‍රනාන්දු මහතා පෙනී සිටියේය.