ඡන්දයෙන් දිනන පාර්ශ්වයට ජයග්‍රහණය ලබා නොදීමට ඡන්දය දින රාත්‍රියේ කළැයි කියන කුමන්ත්‍රණය ගැන අද පෙරවරුවේ රැස්වූ ජාතික විධායක සභාවේ දී සාකච්ඡා කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ පොරොන්දුවක් අනුව ජාතික විධායක සභාව පිහිටැවිණි. එම කමිටුවට ජනාධිපතිවරයා, අගමැතිවරයා, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, අනුර දිසානායක, චම්පික රණවක, සරත් ෆොන්සේකා, ආර් සම්බන්ධන්, රවුෆ් හකීම්, රිෂාද් බදුයුදීන් ඇතුළු පිරිසක් ඇතුළත් වෙති.
‘එම කුමන්ත්‍රණය ගැන මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන සතියක් තුළ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි යන ස්ථාවරයට සහ එම පරීක්ෂණය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කළ යුතුයි කියන ස්ථාවරයට ආවා.
යෝජිත ව්‍යවස්ථා සංශෝධන ගැනත් ධීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.
පසුගිය කාලයේ අපේ රටේ මිනිසුන් පැහරගෙන යෑම, ඝාතන හා පහරදීම් ගැන පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කරන්න ක්‍රමවේදයක් සකසන්න එකඟතාවකට ආවා.
අල්ලස් දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ඉවත් කර වෙනත් අධ්‍යක්ෂවරයකු පත් කරන්නත් එකඟතාවකට ආවා. යුද්ධෙන් පස්සේ ඒ ප්‍රදේශවල වාහන, දේපළ, රත්තරන්වලට මොකද වුණේ කියා සොයාන්නත් තීරණයක් ගත්තා.
මෙවැනි වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගන්න අද රැස්වුණු ජාතික විධායක සභාවට හැකි වුණා.‘

