‘අරමුදල් දෙක ගැන වැඩ සම්මුතියෙන්‘


‘සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල පසුගිය රාජපක්ෂ පාලනය යටතේ සොරකම් කළා. මෙයට එරෙහි වූ සේවකයන්ට වෙඩි තබා මර්දනය කිරීමට කටයුතු කළ අතර එහි දී රොෂේන් චානක ඝාතනය කළා. ඒ අනුව දැන් තිබෙන්නේ ලේ තැවරුණු අරමුදල්.‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

‘‘අපි සියලු දේ කරන්නේ සාකච්ඡාවෙන්, සම්මුතියෙන්. එකඟත්වයෙන්. අපේ යහපාලන ආණ්ඩුවේ වෙනස එයයි.

සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡා කළා. එහි දී ඔවුන් කිව්වා එම අරමුදල් දෙක වෙන වෙනම පවත්වාගෙන යාම සුදුසු බව හා සේවක අර්ථසාධක අරමුදලේ කළමනාකාරිත්වය තවදුරටත් මහ බැංකුව යටතේ පාලනය පවත්වාගෙන යා යුතු බව.

මේ පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ වෘත්තීය සමිති නායකයන්ට ද ඉදිරිපත් කර   ඉන් පසු කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කාරක සභා අනුමැතිය  අනුවයි. ‘‘