හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ස්වාධීන රූපවාහිනියේ ජනපතිවරණ දැන්වීම්වලට මුදල් නොගෙවා රුපියල් කෝටි දහයකට අධික මුදලක් වංචා කළ බව කීවත් ඔහු කිසිදු මුදලක් වංචා කර නැතැයි රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා බරපතල වංචාැ සහ දූෂණ චෝදනා සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දී කීවේය.
හිටපු ජනපතිවරයා රුපියල් කෝටි 10.1ක් වංචා කළ බව කියූ ස්වාධීන රූපවාහිනියේ අභ්‍යන්තර විගණන පරීක්ෂකවරයා මේ වන විට හම මුදලින් රුපියල් ලක්ෂ 96.9ක මුදලක් ඉවත් විය යුතු බව පිළිගෙන ඇතැයි ද ජනාධිපති නීතීඥවරයා පැවසීය.
ගණනය කරද්දී වැරදීමක් සිදුවී ඇති බව හරස් ප්‍රශ්නවලදී ඔහු පිළිගත්තේය.

