‘අයවැයට එරෙහිව හැමෝම පාරට බහිනවා‘


මෛත්‍රී - රනිල් හවුල් ආණ්ඩුව 2017 සඳහා සම්මත කරගැනීමට කටයුතු කරන අය වැය ණය, දඩ, බදු හා ගාස්තුවලින් ඍජුවත් වක්‍රවත් ජනතාව පෙළන ජනතා දේපල විකුණන වැඩකරන ජනතා අයිතීන් අහෝසි කරන අයවැයක් බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත මහතා අද (30) කොළඹ කොටුවේ පැවති අත් පත්‍රිකා බෙදාදීමකට එක්වෙමින් පැවසීය.

‘විවිධ කප්පාදු නිසා රට පුරා වෘත්තීය සමිති මේවනවිට පාරට බැහැලා තියෙනවා. අද වෛද්‍යවරු පාරට බැහැලා තියෙනවා. හෙට පෞද්ගලික බස්, ත්‍රී රෝද, ලොරි, පාසල් වෑන් වැඩවර්ජනය කරනවා‘ යැයි ද ලාල්කාන්ත මහතා කීය.

DSC_6668 DSC_6711 DSC_6717 DSC_6746