අයවැය සම්බන්ධයෙන් දැනට මත දෙකකට බෙදී සිටින පක්ෂ මන්ත්‍රීවරු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ පක්ෂයේ සමගියට හානියක් නොවන අයුරින් අයවැය ඡන්ද විමසීමේදී කටයුතු කරනු ඇතැයි ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
පොලිස් කොමිසන් සභාව දැනට පිහිටුවා ඇති හෙයින් ඊට පරිබාහිරව අගමැති යටතේ තිබූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැනි අනෙක් ආයතන තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවද ඔහු කීවේය.


