‘අය වැය ප්‍රෝඩාවක් බව ජනපතිට කීවා‘ - බන්දුල


අය වැය ඡන්ද විමසීමේ දී නිදහසේ ඡන්දය පාවිච්චි කළ හැකි බව මෛත්‍රීපාල සිරිසේන ජනපති පැවසීයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවක දී කීවේය.

අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ආදායමෙන් සියයට හයක් වෙන් කළායැයි කීවද එතරම් ගණනක් වෙන් කර නැති බව හා අය වැයෙන් ජනපතිට දී තිබෙන්නේ දිරවීමට නොහැකි ලණුවක් බව සිරිසේන මහතාට පැවසූ බව ද ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මේ ගැන අගමැති හා මුදල් ඇමැති   සමග සාකච්ඡා කරන බව ජනපති දැනුම් දුන් බව ද ඔහු කීවේය.

Web_20151124bandula1

Web_20151124bandula2