‘අමා වතුරේ තුන්තරා බෝධිය’


මාලඹේ, පිට්ටුගල, මහමෙව්නාව ‘අමාවතුර’ භාවනා අසපුවේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා සහ මහ රහත් ධාතුන් වහන්සේලා නිදන් කැර ඉදි කළ සිරි ඝටීකාර මහා සෑ රජුන් විවෘත කැරිණි.

ලොව ඉදි කෙරෙන පළමු තුන්තරා බෝධි මණ්ඩපය වන ‘බුදු -පසේබුදු  - අරහන්තක මහා විහාරයේ’ ඉහළ මාලයේ මෙම මනරම් සෑ රජාණන් වහන්සේ ඉදි කොට තිබේ. පරිවාර සෑ රජාණන් වහන්සේලා අටනමක් ද සමඟින් නිර්මාණය කළ මේ මහා සෑය සුසුදු පැහැයෙන් දිදුලමින් විරාජමාන වන්නේ අහසේ වැඩ සිටින්නා වූ සුන්දර ආකාශ චෛත්‍යයක මනරම් දසුනක් ගෙන එමිනි.

කාශ්‍යප සම්බුදු සසුනේ අග්‍ර උපාසක ධුරය දරා හිඳ අනාගාමී ඵලයට පත් ව, ඝටීකාර මහා බඹු නමින් බඹ ලොව පහළ වුණු බ්‍රහ්ම රාජයා ගෞතම සම්බුදු සසුනේ ශ්‍රාවකත්වයදරමින් වැඩ හිඳී. සම්බුදු සසුන සුරකින්නට බොහෝ උපකාර කරන මේ බ්‍රහ්ම රාජයා නමින් මහා සෑයක් ඉදි කොට  සම්බුදු සසුනට පූජා කෙරුණේ ද ලොව පළමු වරට ය.

සිරි ඝටීකාර මහා සෑ රජාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ පිංකම අමරපුර මහා සංඝ සභාවේ සභාපති, ශ්‍රී  කල්යාණිවංශ මහා නිකායේ මහානායක, දොඩම්පහල චන්ද්‍රසිරි මා හිමි  මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන්ද්‍රයානන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් පැවැත්විණි. කතානායක චමල් රාජපක්ෂ, කඩුවෙල  නගරාධිපති ජී. එච්. බුද්ධදාස ඇතුළු සම්භාවනීය පිරිස් සමඟින් දහස් සමඟ දස දහස් ගණන් උවසු උවැසියෝද සහභාගී වුහ.

1 2 4 5 6 7 8 9.jpg-h 10 12 13 14