‘අද අලුත් සංස්කෘතියක් ගැන කථා කරනවා. නමුත් අපේ සංස්කෘතිය තමයි එදත් යූඇන්පී විරෝධී. අදත් යූඇන්පී විරෝධී‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රත්නසිරි වික්‍රමනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත සමුළුව බණ්ඩාරගමදී අමතමින් පැවසීය.
එක්සත් ජාතික පක්ෂ පාලනය පෙරලා දමා මහින්ද රාජපක්ෂ මහතා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් බිහිකිරීමෙ අරමුණු කරගනිමින් පැවැති එම රැස්වීමට ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, ඩිලාන් පෙරේරා ඇතුළු මහත්වරු පිරිසක් එක්ව සිටියහ.

