‘අපේ ක්‍රිකට් ලෝකෙට ගියේ එජාප තීරණයක් නිසා‘


ගමේ පාසල්වල සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන් ජාත්‍යන්තර තලය දක්වා ගෙනගොස් රටට ඔලිම්පික් ජයග්‍රහණ ලබාගත හැකි දියුණුවක් ඇති කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(24) අරලියගහ මන්දිරයේ දී ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහනේ සමාරම්භයට එක්වෙමින් පැවසීය.

‘අවාසනාවකට පසුගිය සමයේ ක්‍රීඩාව පාසලෙන් ඉවත් වූණා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අද ජාත්‍යන්තර තලයට ගොස් ඇත්තේ 1978දී එක්සත් ජාතික පක්ෂ රජය ගත් තීරණයක ප්‍රතිඵල නිසයි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ජයගත් ලෙසම සෙසු ක්‍රීඩාද දියුණු කිරීමට කටයුතු කරනවා‘ යැයි ද අගමැති කීය.

DSC_6433 DSC_6454 DSC_6524