‘අපේ කටේ පිට්ටු නෑ ‘


ඉන්දියා ශ්‍රමිකයින්ට මෙරට ශ්‍රම වෙළඳපොළ විවෘත කරමින් රජය අත්සන් තැබීමට යන ඉන්දු ලංකා ආර්ථික ගිවිසුම මගින් රටේ ආර්ථික සවෛරීයත්වය විනාශවී යන අතරම මෙරට ශ්‍රමිකයින්ටද ගැටලු රැසක් ඇතිවිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමෙන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.

ලොව බොහෝ රටවල් තම රටට ඉන්දියා ශ්‍රමිකයින් ඇතුල්වීම පාලනයට විශේෂ සීමා දමා තිබියදීත් සාපේක්ෂව කුඩා ආර්ථියක් ඇති ශ්‍රීලංකාව වැනි රටක් ඉන්දියා ශ්‍රම වෙළපොළට විවෘතවීම ඉතාම බරපතල තත්ත්වයක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අවශ්‍ය අවස්ථාවලදී ඕනෑම රටක් සමග ගිවිසුම් අත්සන් කිරීමේ වරදක් නැතත් රටේ ආර්ථිකය ස්වෛරීයත්වය විනාශ කරන්නාවූ ගිවිසුම් අත්සන් කිරීමට ඉඩ නොදිය යුතු බවද බිමල් රත්නායක මහතා කීවේය.

ලංකාවේ කිසිවකුටත් නොදන්වා ඉන්දියාවට මෙය ලබාදීමට රජය ගන්නා උත්සාහය ගැතිකම ප්‍රදර්ශනය කිරීමක් යැයි ඔහු පැවසුවේය.

බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල,පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී අද (24) පැවැති මාධ්‍ය හමුවකදීය.

ඡායාරූප ලහිරු හර්ෂණ

JVPPRESCON-0124-01 JVPPRESCON-0124-02