‘අපේ අම්මලා පිටරට යැවීම සීමාකරනවා‘


අඩු වැටුපට ගෘහ සේවිකාවන් ලෙස අපගේ සහෝදරියන් සහ අම්මලා පිටරට යැවීම සීමා කිරීමට රජය කැපවී සිටින බවත්, ඒ වෙනුවට ඔවුන් ලංකාවේ සිටම වැඩි ඉපැයීමක් කළහැකි ගෝලීය අගය දාමයට එකතු කිරීමට පියවර ගන්නා බව වැඩබලන විදේශ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.

තමා සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ගොඩනැගීම පිළිබඳව නිරන්තරයෙන් අවධාරණය කරන්නේ මෙවැනි කාරණා නිසා බවත් අමාත්‍යවරයා පැවසීය.

මැදපෙරදිග සහ රුසියාවේ සේවයේ යෙදි සිටියදී මියගිය විගමනික ශ්‍රමිකයින්ගේ පවුල් 34 සාමාජිකයින්ට රුපියල් මිලියන 50 කට ආසන්න වන්දි මුදල් ප්‍රදානය කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (26) පියවර ගෙන තිබු  අතර එම වන්දි මුදල් ලබ‍ා දීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව කීය.
 
මේ වසර සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් වන්දි ලබාදීමේ වැඩසටහනක් සංවිධානය කර තිබූ තුන්වන අවස්ථාව වන අතරසෞදි ආරාබිය, කටාර් රාජ්‍යය, කුවේටය, ඊශ්‍රායලය, එමීර් රාජ්‍යය, ජෝර්දානය, ඕමානය, බහරේනය සහ රුසියාව යන රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල උපදෙස් මත වන්දි මුදල් ගෙවීමට පියවර ගෙන තිබේ.මේ වර්ෂය තුළදී පමණක් අගතියට පත් පවුල් 116 ක් සඳහා රුපියල් මිලියන 169 ක වන්දි  මුදලක් ප්‍රදානය කර ඇත.

harsha_20151127-2 harsha_20151127-3 harsha_201511279