‘අපේ අධිකරණය ගැන විශ්වාසයි : විදෙස් මැදිහත්වීම් එපා‘


"යුද්ධයේ දී මානව හිමිකම් කඩ වූ බවට ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විභාග කිරීමේ ක්‍රියාවලිය විමසා බැලීම පිණිස වන ජාත්‍යන්තර මැදිහත් වීමකට මා කිසිසේත්ම එකඟ නෑ. රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගන්නට දායකත්වය සපයන්නට පුළුවන් දැනුමැති පුද්ගලයන් , ප්‍රවීණයන් හා විශේෂඥයන් අප රටේ ඕනෑ තරම් සිටිනවා. රටේ තිබෙන ප්‍රශ්න රටේ අයට විසඳා ගන්නට පුළුවන්. ජාත්‍යන්තර ප්‍රජාව මේ සම්බන්ධයෙන් කලබල විය යුතු නෑ. මේ රටේ අධිකරණය ගැන මට විශ්වාසයි." යි මෛත්‍රීපාල සිරිසේන ජනපති බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය සමඟ පැවැති සාකච්ඡාවක දී පැවසීය.  

බීබීසියේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් එම සාකච්ඡාව මෙහෙයවීය.

 සාකච්ඡාවේ පළමු කොටස පහතින්.

President Sirisena INTERVIEW PART 01 - BBC Sinhala - සංදේශය | Facebook