‘අපිටත් පොඩි පොඩි ආබාධ තියෙනවා‘ - එස්.බී


‘මිනිස් සත්ත්ව ඉතිහාසයේ හෝමෝ ඉරෙක්ටස් වැන්නන්ට දෙපයින් හිටගන්න බෑ. කථා කරන්න භාෂාවක් තිබුණේ නෑ. මේ සත්ත්වයෝ දියුණුවෙලා ආබාධ රහිත හා ආබාධ සහිත ලෙස වර්ග වෙලා ඉන්නවා. කොහොම වර්ග කළත් හැමෝටම කුමක් හෝ ආබාධයක් තියෙනවා. පුංචි දේටත් තරහ යාම, චංචල වීම, බිය වීම වගේ දේවලුත් ආබාධ‘ යැයි සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී ආබාධිත දරු දැරියන් සහභාගීවූ ‘සිත් රූ 2015‘ සංස්කෘතික උළෙලට එක්වෙමින් පැවසීය.

‘මම දැක්කා දෘශ්‍යාබාධිත, ශ්‍රව්‍යාබාධිත, කථනාබාධිත වගේම විවිධ මානසික ආබාධ ඇති දරුවන් ඇඳපු චිත්‍ර. ඒ ඒ දරුවට තිබෙන ආබාධය ඒ චිත්‍ර යටින් ලියලා තිබුණා. ඒ චිත්‍රවල තිබුණේ පුදුම ලස්සනක්. ඒවා බැලුවම ඇත්තටම ඔවුන්ද ආබාධිත නැත්නම් අපිද කියලා හිතෙනවා‘ යැයිද ඇමැතිවරයා කීය.

කැටවල, සීදූව, මහරගම, මාදම්පේ, තෙළඹුයාය, අමුණුකුඹුර, වත්තේගම, පුවක්පිටිය වැනි විවිධ ආබාධ සහිතවූවන් රැකබලා ගන්නා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල වෙසෙන දරු දැරියෝ එම උත්සවයේදී නර්තන, ගායන, නාට්‍ය හා අභිරූපන රංගන ඉදිරිපත් කළහ.

SB_20151211 SB_20151211-2 SB_20151211-3 SB_20151211-4