‘අපිට වැසිකිළි නෑ‘ : සිසුහු ජනපතිට කියති


රටේ ඇතිවී ඇති අපරාධ රැල්ල මැඩ පැවැත්වීමට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් අද (30) පැවසීය.

ජනාධිපතිවරයා පැමිණි චොපරය නවතා තිබුණේ උත්සවය පැවති විද්‍යාලය අසළ පිහිටි ඉබ්බාගමුවේ වෙනත් පාසලක ක්‍රීඩා පිටියේය. උත්සවය අවසානයේ ජනපතිවරයා පිටත්ව යාමට චොපරය අසලට යන අවස්ථාවේදී එම විදුහලේ කුඩා දරුවන් පිරිසක් ඇමතීමටද අමතක නොකළේය. ඔවුන්ට ඇති ගැටළු සම්බන්ධයෙන් ජනපති විමසූ අවස්ථාවේදී තමනට වැසිකිළි නොමැතිවීම ගැන ඔවුහු කියා සිටියහ. ඒ අවස්ථාවේම විදුහලේ ගුරුවරයකුගෙන් විමසා සත්‍ය තත්ත්වය හෙළිකරගත් ජනපති සිරිසේන මහතා කඩිනමින් වැසිකිළි ගැටළුව නිරාකරණය කිරීමට කටයුතු යොදන බවට පොරොන්දුවී පිටත්ව ගියේය.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.

_DSC0348 _DSC0358 _DSC0363 _DSC0383 _DSC0395 _DSC0448 _DSC0470 _DSC0509 _DSC0532 _DSC0569 _DSC0573