ත්‍රස්තවාදී පනත යටතේ රඳවාගෙන සිටින කොටි සාමාජිකයන් අද නිදහස් කිරීමේ වැඩපිළිවෙළක් වර්තමාන ආණ්ඩුව ආරම්භ කර ඇති බවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති කාලයේ 12000 ක් අපි පුනරුත්ථාපනය කළ බවත් හිටපු ඇමැති ජී.එල්.පීරිස් මහතා අද බොරැල්ල එන්.එම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී පැවසීය.
‘ඒ හිටපු 235 අතර ඉතාමත් බරපතල හේතු තිබුණා ඔවුන් රඳවාගෙන ඉන්න. දැන් ඒ අයත් නිදහස් කරනවා මේ ආණ්ඩුවෙන්‘ යැයිද පීරිස් මහතා කීවේය..
ඡායාරූප - ශාන්ත රත්නායක
වීඩියෝ - ශාන්ත රත්නායක/ අතුල දේවප්‍රිය


