ජනපතිවරණයේ දී පොරොන්දු වූ පරිදි දින සියය අවසන් වන අප්‍රේල් 23 වැනි දා පාර්ලිමේන්තුව විසිරැවිය යුතු බවත්, විවිධ හේතු ඉදිරිපත් කර එය කල් නොදැමිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ අද (16) පැවැති මධ්‍යම කාරක සභාවේ දී තීරණය කළේය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන්න ජනතා විමුක්ති පෙරමුණේ මතය වුවත් ප්‍රායෝගික ගැටළු නිසා ඇතැම් බලතල ඉවත් නොකිරීම සම්බන්ධයෙන් විරෝධතාවක් පළ නොකරන බව ද, එනමුත් වත්මත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලයෙන් පසු විධායක බලතල සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු බව ද පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

