‘ආණ්ඩුව අපට කැඩුණු පුටුවක් දී වාඩිවෙන්න කියනවා. අපි කොහොමද වාඩිවෙන්නේ?‘ යනුවෙන් උතුරු පළාත් මහ ඇමැති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් සභා රැස්වීමේ දී අද ප්‍රශ්න කළේය.
කැඩුණු පුටුවේ උපමාව ඔහු ගෙන ආවේ උතුරු පළාත් සභාවට බලතල නැති බව කියාපෑම සඳහාය.
විග්නේෂ්වරන් මහතා ඊළඟට සඳහන් කළේ යුද සමයේ ආණ්ඩුකාර තනතුරට පත් කළ විශ්‍රාමික හමුදා නිලධරයා වෙනුවට ලබන ජූලි මාසයේ දී හමුදාවේ නොවන අයකු ආණ්ඩුකාරවරයා වශයෙන් පත් වන තෙක් ඉවසන බවයි.
උතුරු පළාත් සභාවේ නව විපක්ෂ නායක සිවනේසතුරෙයි නඩරාජා මහතා ඊයේ (28) දිවුරුම් දී වැඩ බාර ගත්තේය.
හිටපු විපක්ෂ නායක කන්දසාමි කමලේන්ද්‍රන් මිනීමැරුම් නඩුවකට අසුවීම නිසා මන්ත්‍රී පදවියෙන් ඉවත් කැරිණි.
නව විපක්ෂ නායක නඩරාජා මහහතා පැවසුවේ බලය විමධ්‍යගත කිරීමේ 13 වැනි සංශෝධනයෙන් දෙමළ ජනතා අභිලාෂය ඉටුවනවාමයැයි තමා ද විශ්වාස නොකරන බවයි.
උතුරු පළාත් රාජ්‍ය භාෂාව දෙමළ මිස ඉංග්‍රීසි නොවිය යුතු යැයි ද ඔහු කීවේය.
පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම් මහතා විපක්ෂ නායකගෙන් ප්‍රශ්න කළේ බොදු බල සේනාව රිෂාඩ් බදුර්දීන් ඇමැතිගේ කාර්යාලයට බලෙන් ඇතුළු වෙද්දී බලා සිටියේ ඇයිද යනුවෙනි.

