‘අනිසි ප්‍රචාර කුලියාපිටියේ දරුවාගේ ප්‍රශ්නය දුරදිග ගෙනගියා‘


කුලියාපිටියේ දරුවාට රජය මගින් පාසලක් ලබා දීමට කටයුතු කර තිබුනත් අනිසි ආකාරයේ ප්‍රචාරයන් නිසා ප්‍රශ්නය බැරැරුම් තත්වයකට පත් වු බවත් පවතින තත්වය සංකීර්ණ වුවහොත් අධිකරණ නියෝගයක් රැගෙන දරුවා පරිවාස භාරයට ගන්නා  බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මහනුවරදී පැවැසීය.

අමාත්‍ය වරයා මෙසේ පැවැසුයේ මල්වතු  මහනාහිමියන් හා අස්ගිරි පාර්ශවයේ හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දෙමිනි.

කුලියාපිටිය කලාප අධ්‍යක්ෂවරයා විසින් තමාට ලබාදුන් තොරතුරු අනුව මෙම දරුවාගේ පියා එච්.අයි.වී ආසාධිතව මියගොස් ඇති බවත් මවටද එය ශරීර ගතවි ඇති බව පැවැසු නිසා දරුවා මවගෙන් වෙන්කළ යුතුව ඇතැයිද අමාත්‍යවරයා එහිදි පැවැසිය.